දේශීය පුවත්

රන්ජන් රාමනායක මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉතා ඉක්මනින් ඉවත් කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

මේ වන විට ඒ මහතා සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයෙන්ද, විවිධ පාර්ශ්ව ගණනාවකින්ද පැමිණිලි විශාල ප‍්‍රමාණයක් අගමැතිවරයා වෙත ලැබී ඇතැයිද දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව පැමිණිලි ලැබෙමින් තිබෙන බවද එම ආරංචිමාර්ග වඩිදුරටත් සදහන් කරයි.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමේ නිර්දේශය ජනාධිපතිවරයා වෙත යැවෙනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ නිසා ආණ්ඩුවද විශාල අපහසුතාවකට පත් වන බවත්, රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවද ඒ මහතා පෙර ආකාරයටම හැසිරුණහොත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉවත් කිරීමට සිදුවන බවද පැවසේ.

රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් කළ එවැනි බරපතළ ප‍්‍රකාශයක් හේතුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී කරුණු කීමටද පසුව මහනායක හිමිවරුන් බැහැදැක සමාව ගැනීමටද ඔහුට සිදුවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More