දේශීය පුවත්

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පිළිබඳ සාධාරණ විමර්ශනයක් සිදු කිරීමට පොලීසිය අපොහොසත් වු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමග නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා. එතුමා ගැන අපි පොලිසියට පැමිණිලි කළත් අඩුම ගණනේ පොලිසිය විසින් ප්‍රකාශයක් වත් සටහන් කර ගන්නේ නැතුව එතුමාව නිදහස් කළා. පොලිසියට අයිති දෙයක් නෙමෙයි කෙනෙක් නිදහස් ද නැද්ද කියන එක.

පොලීසිය කළ යුත්තේ විමර්ශණයේ තොරතුරු උසාවියට වාර්ථා කිරීමයි. උසාවියිය තීරනය කල යුත්තේ නිදොස්ද නැද්ද කියන එක. රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයාගේ කුණු සේදීීම සදහා බිහි කල කුණු ලොන්ඩරිය නමින් රට දන්නා තේරීම් කාරක සභාව සිය වාර්තාව දෙන්නත් කලින් එයාට ඇමති ධූරයකුත් ලැබුණා.

රිෂාඩ්ට එක නීතියකුයි අනිත් අයට තව නීතියකුයි තිබෙන්න බෑනෙ. ඒ නිසා කඩු බෙදා දීමේ ජාතික උත්සවයක් පවත්වලා, කඩු අත්අඩංගුවට ගැනීම ගැන සමාව අයදිමින් රට පුරා අත්අඩංගුවට ගත් කඩු තොග අයිතිකරුවන්ටම බෙදා දෙන්න කියලා අපි යෝජනා කරනවා.

ඒ වගේම අත්අඩංගුවේ සිටින ජාතික තහුහිඩ් ජමාත් සාමාජිකයන්ද ඇතුළු ත්‍රස්තවාදි සැකකරුවන් වන්දි සමග නැවත පවුලේ සාමාජිකයින්ට උත්සවාකාරයෙන් භාර දෙන්න කියලා අපි යෝජනා කරනවා.

වන්දි ගෙවීම සදහා දැන් හානි පූර්ණ කාර්යාලය කියල එකකුත් පිහිටුවලා තියෙනවානේ. එය යටතේ දැන් ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමද නීත්‍යනුකූල වී තිබෙනවා. ඒකත් මදි නම් පාස්කු ඉරිදා පල්ලි ගිය සියළුම දෙනා වැරදි වෙලාවේ වැරදි ස්ථානයේ සිටීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නත් පුළුවන්.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More