එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද (05) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 61 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ යටතේ ඒ මහතා ඇමති කැබිනට් නොවන අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස තනතුරු රැසක් දරා තිබේ.
ඒ අනුව ඉඩම් සංවර්ධන හා සුළු අපනයන බෝග ඇමැති (2000 -2001) රජරට සහ ගංගානිම්න සංවර්ධන නියෝජ්‍ය ඇමැති (2004-2007) පොල් සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය (2007-2010) වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය(2010-2015)
වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වූ ඒ මහතා කුරුණෑගල මලියදේව සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙහි ආදී ශිෂ්‍යයකු වන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි.
FacebookTwitterWhatsAppFacebook Messenger
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...