බොහෝ විට රජයේ ඉහල තනතුරු සඳහා පත්කෙරෙන පුද්ගලයන් නිසි පරිදි වැඩ නොකිරීම සම්බන්දව චෝදනා එල්ලවෙන නමුත් වැඩ කිරීම ප්‍රශ්නයක් වෙන අවස්ථා ඇසීමට නොලැබෙන තරම්ය.
නමුත් එවැනි අවස්ථාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සම්බන්ධයෙන් උද්ගතව ඇත. පසුගිය මහා මැතිවරණයෙන් පරාජයට පත්ව, පසුව ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් යලි පාර්ලිමේන්තුවට පත්කර එවූ එස්.බී දිසානායක තමාව නොසලකා හැර ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න පළාතේ සංවර්ධන වැඩ කරන බවත් ඒ හේතුවෙන් මෙවරද තමා පරාජය වීමට ඉඩ ඇති බවට ජනාධිපතිවරයා හමුවී මැසිවිලි නගා ඇත.
දශක දෙකකට අසන්න කාලයක් මධ්‍යම පළාත්සභාව නියෝජනය කරන හිටපු මහ ඇමති සරත් ඒකනායක ද ජනාධිපතිවරයාට දුක් අන්දොනාවක් ඉදිරිපත් කර ඇත. වසර ගණනාවක් පළාත නියෝජනය කරන මෙම දේශපාලකයන් නොකළ වැඩ කොටසක් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මාස කිහිපයකදී ඉටු කරනු ලැබීය.
ඔහුගේ කාර්යක්ෂම බව ඉතා ඉහලය. ජනතා ගැටළු ක්ෂණයෙන් විසඳා දීමේ පෞර්ශවත්වයක් ඔහුට හිමි බව පළාතේ ජනතාව් පවසන සත්‍ය කරුණකි.
අප වෙත වාර්මතාවන අන්දමට මහානායක හිමිවරුන්ගේ සහ වැඩකරන රාජ්‍ය නිලධාරීන් මෙන්ම උගත් වියතුන් බුද්ධිමතුන්ගේ ද බලවත් ඉල්ලීමක්ව ඇත්තේ ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මධ්‍යම පළාතෙන් ඉවත් නොකරන ලෙසය.
එය එසේ උවත් පළාතේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් සියල්ල ඔහුව ආණ්ඩුකාරධූරයෙන් පන්නා දැමීමට දිවා රෑ නොබලා මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෛත්‍රී ගුණරත්න මහතා මේ වන විට මධ්‍යම පළාතෙන් ඉවත්කර උව පළාත බාරදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...