දේශීය පුවත්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම නිසා ඒ මහතාට එරෙහිව කැලිපෝර්නියා අධිකරණය හමුවේ පවරා තිබූ නඩු දහය බල රහිත වී ඇත.
රාජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසියකු යන පදනම යටතේ මෙම නඩු පවරා තිබුණේ ඇමරිකාවේ පදිංචි අහිම්සා වික‍්‍රමතුංග සහ යුරෝපයේ පදිංචි ව්‍යාජ නම්වලින් හඳුන්වනු ලැබූ කොටි කි‍්‍රයාකාරීන් පිරිසක්වූ රෝසි සමාදානම් – රමේශ් දේවරාජන්, ශාන්ති පද්මනාදන් නිමල් ජයසූරිය විiා ජයකුමාර් සමන් පෙරේරා, මයුරන් රාජකුමාර්, සෙන්දිල් යුවනේශ්වරන් සහ වසන්ති රත්නසිංහම් යන පිරිසයි.
එහෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව – සී. අයි. ඒ සංවිධානය එස්. බී. අයි. පොලිසිය ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඇමරිකානු ස්වදේශාරක්‍ෂක දෙපාර්තමේන්තුව යන ආයතන විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එරටට අවශ්‍ය කරන අයෙක් නොවන බවට සනාථ කර තිබේ.

මේ නිසා ඔහුගේ ඇමරිකානු පුරවැසිබව අහෝසි වීමට බාධක දුරු වී ඇතැයි ඇමරිකානු ආරංචි මාර්ග කියා සිටියි.

පෝල් හොප්ටන් – ස්කොඞ් ශල්මෝර් යන මයිකල් හවුස්්පෙල්ට් යන නීතිවේදීන් විසින් මෙම නඩු ගොනු කර තිබුණි.

හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහිව මෙම නඩු ගොනුකර තිබූ පිරිස එම නඩු පවරනු ලැබුවේ දසවසරකට පසුවයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More