වවුනියාව තේක්කවත්ත ළමා ක්‍රීඩාංගණය තුළ බුදුමැදුරක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණ ඇතිව ගම්වාසීන් විසින් රෝපණය කරණ ලද බෝධියේ බෝ ගස විනාශ කිරීමට කිසියම් පිරිසක් විසින් කටයුතු කොට ඇති බවට 3 දා වවුනියාව පොලීසියට පැමිණිලි කොට තිබේ.
රාත්‍රී කාලයේ පැමිණි පිරිසක් බෝගසේ වටේටම පොතු ගලවා ඉවත් කොට බෝධිය මැරෙන්නට සලස්වා ඇති බව එම පැමිණිල්ලේ සදහන් වෙයි.
වවුනියාව පොලීසිය පැවසුවේ ප්‍රදේශවාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් මේ ක්‍රියාව සිදු කරන්නට ඇති බවයි.
වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...