දේශීය පුවත්

අගමැති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස අරලියගහ මන්දිරය පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම බොහෝදුරට ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් මතුවී ඇති අර්බුද තවම විසඳී නොමැති නිසාත් එක් පාර්ශ්වයක ගේ උවමනාවට හෙට (05) වෙනි දින අත්සන් කිරීමට නියමිතව තිබූ එම සන්ධානයට අදාළ ගිවිසුම දින නියමයක් නොමැතිව කල් දැමීම යන කරුණු මෙම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී යළිත් වරක් සාකච්ඡා කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව එම ආංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මීට පෙර පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමද දැඩි උණුසුම් මුහුණුවරක් ගත් අතර එහිදී එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුධය වඩාත් හොදින් දැක ගත හැකි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More