දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර කුමක් හෝ සැලසුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවී ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වේදෝයි සැකයක් තමන්ට පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

“මං දන්නවා මෛත්‍රී මහත්තයා මොකක් හරි කොක්කක් සජිත්ට ගහලා තියෙන්නේ. මං නම් පරාණ බයේ ඉන්නේ, සජිත් ශ්‍රී ලංකා එකට ඇවිල්ලා ශ්‍රී ලංකා එකේ අපේක්ෂකයා වෙයි කියලා සැකයක් මට තියෙනවා” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ බව පැවසුවේ (03) වනදා ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මුතුහෙට්ටිගම යනු අමුතු මන්ත්‍රීවරයකු වුවත් ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල විදෙස් සංචාරවලට පවා සහභාගී වන ජනාධිපතිවරයාගේ සමීපතම මන්ත්‍රීවරයකි. එහෙයින් ඔහුගේ කතාව නොසලකා හැරිය නොහැකි අතර එක්සත් ජාතික පක්ෂයෙන් අවස්ථාව ලැබුණත් නොලැබුණත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සජිත් පාර්ශ්වයේ ප්‍රකාශකයකු වන ඩල්ජිත් අළුවිහාරේ මහතා ද ඊයේ මාධ්‍ය වෙත පවසා තිබිණි.

එසේම ජනාධිපතිවරයා සමඟ ඉතාම සමීප සබඳතාවක් සජිත් ප්‍රේමදාස මහතා පවත්වාගෙන යන බවත් ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාසට සහාය දෙන බවක් කැබිනට් රැස්වීමකින් අනතුරුවම එජාප ඇමතිවරුන් වෙත ප්‍රකාශ කර තිබුණු බවත් සජිත්ගේ මේ මොහොතේ දේශපාලනය සහ ප්‍රතිපත්ති ද වඩාත් සමීප වන්නේ එජාපයට වඩා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්තිවලට බවත් සේම මංගල සමරවීර අමාත්‍යවරයා ද සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ බවත් මේ කරුණ සම්බන්ධව සිහිපත් කළ යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More