විදේශ පුවත්

අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. තුවක්කුකරුවෙක් විසින් ආපන ශාලාවක් ඉදිරිපිටදී සිදුකළ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙක් තුවාල ලබා ඇති බව‍ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහියෝ ප්‍රාන්ත පොලිසිය සඳහන් කරන්නේ තමන් එල්ල කළ ප්‍රහාරයකින් තුවක්කුකරුද මරුමුවට පත්වූ බවය. සිදුවීම වූ අවස්ථාවේ එම ස්ථානයට ආසන්නයේ ජංගම මුර සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් වහා සිද්ධිය වූ ස්ථානයට පැමිණ තුවක්කුකරුට වෙඩි තබා ඇති බව සඳහන්. එසේ නොවන්නට මිට වඩා වැඩි පිරිසකගේ ජිවිත විනාශ වීමේ හැකියාවක් තිබු බවයි ඔහියෝ ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා මාධ්‍ය වෙත පවසා තිබේ.

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ හිදී පුද්ගලයින් 20 දෙනෙක් ජිවිතක්ෂයට පත් කරමින් එල්ලවූ වෙඩි තැබීම සිදුවී පැය කිහිපයක් ගත වීමට පෙර මෙම ඛේදජනක සිදුවීම වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන්කරයි.

මූලාශ්‍ර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More