භික්ෂූන් වහන්සේගේ චරිත ඝාතනය වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වන බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, විහාරස්ථානයේ අද (04) පැවති උත්සවයකට එක්වෙමින්.
බෙල්ලන්විල රජමහා විහාරාධිපතීත්වය ඉසිලූ අපවත් වී වදාළ පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන නාහිමියන් සහ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් අනුස්මරණය කරමින් විහාරස්ථානයේ ඉදිකළ ”යතිවර සමරු පහය” විවෘත කිරීම අද සිදු විය.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්.
එහිදි අදහස් දැක්වු අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් පැවසුවේ යම් පිරිසක් බුද්ධ ශාසනයට පීඩා කරන බවත් නමුත් ඔවුන් එම සිදු කරන ක්‍රියාවෙන් සිදු වන්නේ ඔවුන් විසින් ඔහුගේම ආගමට හානි කර ගැනීමක් බවයි.
මාස කිහිපයකින් රට තුල යම් පරිවර්තනයක් සිදු වී එහි ප්‍රතිඵල රටට දැනෙන්නට ඉඩ ඇති බවද උන් වහන්සේ පැවසීය.
එහිද බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පැවසුවේ භික්ෂූන් වහන්සේට පසුගිය කාලේ හිරිහැර සිදු වු බවයි.
මැතකදී සිට ක්ෂූන් වහන්සේට අසූචි වගේ දේ ගහමින් භික්ෂූන් වහන්සේ විනාශ කරන්න වැඩපිගෙන ගිය බවත්
හිරේ දමා බය කිරීමට උත්සහ කළ බවත් උන් වහන්සේ පැවසීය.
කාන්තාවකට සම්බන්ධ කර භික්ෂුන් වහන්සේට පහර ගසා භික්ෂුන් වහන්සේව කිසි දිනක වට්ටන්නට නොහැකි බවද උන්වහන්සේ අවධාරණය කළේය.
එවැනි ප්‍රකාශ කරන පිරිස් සිය දේශපාලන පක්ෂ තුල සිටිනම් ඔවුන් පන්නා දැමීට නායකයින් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පැවසීය.
ඒ සම්බනධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ පැවසුවේ පසුගිය දිනක කාදිනල් හිමියන් කළ චෝදනා ජනාධිපතිවරයාට කළ ඒවා යැයි තමන් නොසිතන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...