විදේශ පුවත්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ හි පිහිටි සුප්‍රසිද්ධ “Wall mart” සාප්පු සංකිර්ණයේදි තුවක්කුකරුවෙක් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 28 දෙනෙක් තුවාල ලබා තිබේ.

AK-47 වර්ගයේ ගිනි අවියකින් සන්නද්ධ තුවක්කුකරු පළමුවෙන්ම රථ ගාලේ සිටි පුද්ගලයින්ට වෙඩි තබමින් වොල්මාර්ට් සාප්පු සංකීර්ණයට ඇතුල්වි එහි සිටි සියයකට අධික පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව එල් පාසෝ පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි .

සිද්ධිය ඇසින් දුටු පිරිස් සදහන් කරන්නේ මෙම තුවක්කුකරු කිසිදු ඉවක් බවක් නොමැතිව වෙඩි ප්‍රහාරයන් එල්ල කළ බවය.

සිද්ධිය සැලවිමත් සමග එල් පාසෝ පොලිසිය සහ අමෙරිකානු ෆෙඩරල් විමර්ශන ඒකකයේ  (FBI) නිලධාරින් තුවක්කුකරු රැදි සිටි සාප්පු සංකිර්ණය වට කොට එහි තුවාල ලබා සිටි පුද්ගලයින් වහා රෝහල් ගත කිරිමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇති බවත් මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් සිටිද යන්න සොයා බැලිමට සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව එල් පාසෝ පොලිසිය සදහන් කරයි.

මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න සම්බන්ධයෙන් ද අමෙරිකානු බලධාරින් විමර්ශන සිදුකරමින් සිටින බවද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

මූලාශ්‍ර 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More