දේශීය පුවත්

එළඹෙන නිවාඩු සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට අවධානයෙන් පසුවන ලෙස මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපල, සාප්පු සංකීර්ණ, රජ්‍ය ආයතන, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, පූජනීය ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සවයන්, අධ්‍යාපන ආයතන, ගුවන්තොටුපල සහ රෝහල් ආශ්‍රිත ස්ථාන වලට ත්‍රස්තවාදීන්ට සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාර එල්ල කළ හැකි බැවින් ඒ පිලිබදව අවධානයෙන් පසුවන ලෙස සිය පුරවැසියන්ට දෙවන මට්ටමේ සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් සංචාරක හා පොදු ස්ථාන වලදී වැඩි අවධානයෙන් පසුවන ලෙසත්, දේශීය මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කරනු ලබන පුවත් සහ ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරනු ලබන නිවේදනයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් අමෙරිකානු තානාපති කාර්යලය සිය මෙරට සංචාරය කරනු ලබන සිය පුරවැසියන් ගෙන් ඉල්ලීමක් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More