දේශීය පුවත්

අද (04) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2995කදී අයදුම්කරුවන් තුන්ලක්ෂ 39,369 දෙනෙකු පෙනී සිටීමට නියමිතව ඇත.

පෙරවරු 09.30ට විභාගය ආරම්භ වන බැවින් සෑම විභාග අපේක්ෂකයෙකුම පෙරවරු 09.00 වනවිට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ශිෂ්‍යත්ව විභාගය අවසන් වු පසුත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රශ්න පත්‍ර ළඟ තබා ගැනීම, පිටපත් කිරීම, ඡායා පිටපත් ලබා ගැනීම, විකිණීම, මුද්‍රණය කිරීම, පුවත්පත්වල, වාර සගරාවල, වෙනත් මුද්‍රිත මාධ්‍යවල මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම, අන්තර්ජාලයේ, සමාජ ජාල වෙබ් අඩවිවල හා වෙනත් කුමන ආකාරයකට හෝ ප්‍රසිද්ධ කිරීම තහනම් වන බව සඳහන්.

කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් එම නියෝග උල්ලංඝණය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ලඟම ඇති පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More