දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු සාකච්ඡාවක් පවත්වා ඇත.

එම සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳව ප්‍රබල කැබිනට් ඇමැතිවරයා අගමැතිවරයාද දැනුවත් කර තිබේ. අගමැතිවරයාගේ උපදෙස් මත ඉදිරි දිනවලදී ද තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හෙට (05 වැනිදා) පැවැත්වෙන උත්සවයකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මෙම උත්සවය සඳහා සන්ධානයට අත්සන් කරන දේශපාලන පක්ෂවල නායකයන්, පළාත් සභා, පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්, ආගමික නායකයන්ට පමණක් ආරාධනා කර තිබේ.

උත්සවය සඳහා සහභාගිත්වය පන්දහසකට පමණක් සීමා කිරීමට තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් උත්සවයට සහභාගි කරවීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සම්බන්ධ වීම සඳහා එක්සත් ජාතික පක්ෂයට කෘත්‍යාධිකාරී මණඩලයේදී අනුමැතිය හිමි වුවද, හෙට (05 වැනිදා) පැවැත්වෙන උත්සවය වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පතට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා සිකුරාදා (2 වැනිදා) පෙරවරුවේ තම යෝජනා පක්ෂ නායකත්වයට යොමුකරන ලදී. දැනට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා යෝජනා කෙටුම්පතට යෝජනා ඉදිරිපත් කළද සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට පියවර ගතහොත් ඇමැති දොස්තර රාජිත සේනාරත්න සහ චම්පික රණවක පක්ෂයෙන් ඉවත් වන බවද අගමැතිවරයාට දැනුම් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More