දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිධුර අපේක්ෂකත්වය ඇතුළු තීරණාත්මක දේශපාලන කාරණා ගණනාවක් ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ අනුව පසුගියදා ඔහු ජනාධිපතිවරයා අමතා දෙදෙනා අතර හමුවකට වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඊට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබේ.

මෙම දුරකතන ඇමතුම ලබාදීමට පෙරදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ රැඳී සිටියදීත් ජනාධිපතිවරයා සහ ගෝඨාභය අතර පෞද්ගලික දුරකතන සංවාදයක් පවත්වා බොහෝ කරුණු සාකච්ඡා කර තිබිණි.

කෙසේ හෝ අද හෙටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වීමට නියමිත හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ අපේක්ෂකත්වය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කර ඔහුගේ සහයෝගය ලබාගත හැකි දේශපාලන සැලසුමක් යෝජනා කෙරෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසීමට වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. එයටද ජනාධිපතිවරයා අනුමැතිය දක්වා ඇතැයි කියැවේ.

Deshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More