විදේශ පුවත්

යුධමය වශයෙන් චීනයේ ශක්තිමත් වීමත් සමග ආසියාව තුල සිය මිසයිල් පද්ධතියක් ස්ථානගත කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් ස්පේසර් ප්‍රකාශ කර සිටිනවා.

ආසියානු කලාපය තුල අමෙරිකානු මධ්‍යම ප්‍රමාණයේ මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමට අමෙරිකාව බලාපොරොත්තු වෙනවාද යන්න සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ එලෙස සිදුකිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බවයි. ඔහු සිය ආසියානු සංචාරය ආරම්භ කරමින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

” එය ඉක්මනින්ම සිදුකරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි, නමුත් ආසියානු කලාපය තුල මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමේ අවශ්‍යතාවයක් දැන් මතුවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මම වැඩි වශයෙන් කිසිවක් පවසන්න සුදානම් නැහැ. එය සැලසුමක් අනුව ඉදිරියේදී අදාළ රටවල් සමග සාකච්ජා කර තීරණය කිරීමට නියමිතයි” අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අමෙරිකාව සිය මධ්‍යම ප්‍රමාණයේ මිසයිල ස්ථානගත කිරීමට රුසියාව සමග ඇති කර ගෙන තිබු ගිවිසුමෙන් පසුගියදා ඉවත්වූ අතර නව මිසයිල ආරක්ෂණ පද්ධතිය ඉදි කරනුයේ ආසියාවේ කුමන රටේද යන්න සම්බන්ධයෙන් හෙළි කර සිටියේ නැහැ.

මූලාශ්‍ර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More