එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු අපේක්ෂකයින් සම්බන්ධයෙන් පොදු නිර්ණායකයක් ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් තීරණය කර තිබේ.
අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රට පාළනය කළ යුතු ක‍්‍රමවේදය පිළිබඳ ප‍්‍රතිපත්තිමය කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමය නියමිත බවය.
උන්වහන්සේ කියා සිටියේ මේ වන විට රට මුහුණදී ඇති තත්වය හමුවේ ගැළපෙනම පුද්ගලයා තෝරා රටේ නායකයා ලෙස තොරා ගැනීම සියළු දෙනාගේ වගකීම වන බවය.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ගුණාංග සම්බන්ධයෙන් සියළු පක්ෂ වෙත ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් දැනුවත් කිරීමක් සිදු කරන බවද අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප‍්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...