දේශීය පුවත්

ඉදිරියේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්ව කටයුතු කිරීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ ඊයේ(02) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළ අතර ඊට ඒ මහතාගේ පියා වන ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර පසුගිය ඉල්ලා අස්වූ මාර්ෂල් පෙරේරා මහතා ද එක්ව සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ආකාරයට ගමන් නොකළ හොත් අකමැත්තෙන් වුවත් පොහොට්ටුව සමඟ එක් වීමට සිදු වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ උත්සාහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More