දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය එළැඹෙන 05 වනදා පිහිටුවීමට ඊයේ රාත්‍රියේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව එම පක්ෂ නායකයින් පවසයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙන නව සන්ධානයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටද තිරණය වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස් වු අවස්ථාවේ නව සන්ධානය සඳහා සකස් කළ ව්‍යවස්ථාව ප්‍රත්කෂේප කිරීමට මන්ත්‍රිවරු පිරිසක් කටයුතු කළේය.

එවැනි පසුබිමක ව්‍යවස්ථාවට සංශෝධන එක් කිරීමට පක්ෂ නායකත්වය එකඟත්වය පළ කළ අතර ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයික් අරලියගහ මන්දිරයේ රැස් වි අදාළ සංශෝධන සිදු කර තිබේ.

එහිදි පක්ෂ නායකයින් එළඹෙන 5 වැනිදා නව සන්ධානය ගොඩනැගිමට තීන්දු කළ බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා   සඳහන් කළේය.

මේ අතර කැබිනට් නොවන අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා විසින් පක්ෂ නායකත්වය වෙත ව්‍යවස්ථා සංශෝධන ලිඛිතව භාරදි තිබු අතර යෝජිත ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ ලේකම්වරයා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු විය යුතු බව එහි සඳහන් වෙයි.

එමෙන්ම පක්ෂය ලියාපදිංචි කාර්යාලය සිරිකොත විය යුතු බව හා විධායක කමිටුවේ තීරණ ගැනීමේදි එහි තීරක බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතු බවත් , පෙරමුණේ නායකයාගේ ධූර කාලය වසර 2ක් බවට නිශ්චිත විය යුතු බවත් එහි සඳහන් වි තිබේ.

එමෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම හා කෘත්‍යාධීකාරී මණ්ඩලය ඒකාබද්ධ වීමෙන් සමන්විත ඒකාබද්ධ රැස්වීමකදි අනුමත කරන ලද තැනැත්තෙකු විය යුතු බවද මෙහි වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ව්‍යවස්ථා කෙටුම්පතට ඉදිරිපත් කොට ඇති සංශෝධන නොපිළිගෙන සංධානගතවීමට 05 වනදා සිදු වුවහොත් එය වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සූදානම්ව සිටින බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More