දේශීය පුවත්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට සාපරාධී බලහත්කාරය කිරීමේ චෝදනා යටතේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින එහි 1 වැනි සැකකරු වන ප්‍රේමසිරි පරණමාන්න හා පස්වැනි සැකකරු වූ හමිබන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර යන අයට වසර පහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හම්බන්තොට මහාධිකරණය නියම කළේය.

එම නඩුවේ දෙවැනි, තෙවැනි හා සිවුවැනි විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි. සැකකරුවන්ට චෝදනා 29ක් යටතේ නඩු පවරා තිබුණේ.

බරපතල වැඩ සහිත සිර දඬුවමට අමතරව එක් එක් චෝදනා වෙනුවෙන් සමස්ථයක් ලෙස එක් අයෙකුට රුපියල් 130000 බැගින් දෙදෙනාටම රුපියල් 260000ක දඬයක් නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවමක් නියම කළේය.

එසේම අගතියට පත් පාර්ශ්වයන්ට වන්දි ලෙස චූදිතයන් දෙදෙනාට රැපියල් 650000 බැගින් රුපියල් ලක්ෂ 13ක දඬයක්ද නියම කළේය.

එම මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක්ද නියම කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More