දේශීය පුවත්

 

කුරුණෑගල දිසාබාර  නියෝජ්‍ය පොලිස්පති  කිත්සිරි ජයලත්  සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ   ස්ථානමාරුවී  අවලංගු කිරීමට තීරණය කළ බව  ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියෙක්  පැවසීය.

මෙම ස්ථාන මාරුවීම් වලින්  ප්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් ඇති  වේ යැයි   මෙම තීරණය ගෙන තිබේ.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා  ත්‍රිකුණාමල දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්  මහින්ද දිසානායක මහතා කිලිනෝච්චි කොට්ඨාසභාර නිලධාරියා ලෙසත්  ස්ථාන මාරු කිරීමට  අනුමැතිය ලබා දී තිබු අතර පසුව මේ අයුරින් එය වෙනස් වී තිබේ.

මෙම නිලධාරීන්  කුරුණෑගල ප්‍රදේශයේ සිටීමෙන් ,කුරුණෑගල  ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි මහතා  සම්බන්ධ විමර්ශනයට  බාධා ඇති වේ යැයි පවසමින්  වැඩබලන පොලිස්පතිවරයා  විසින් පසුගිය 27 වැනිදා  කළ ඉල්ලීමක් අනුව  මෙම ස්ථාන මාරුවීම්  ලබා දීමට තීරණය කර තිබිණි.

 

—————————————————————————————————————————–

කුරුණෑගල DIG ත්‍රිකුණාමලයට මාරු කරයි – දොස්තර සාෆි සහාබ්දීන් නිදොස්කොට නිදහස් කිරීමේ උත්සාහයක්

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ස්ථනාමාරුවීමක් ලබා දීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

ඊයේ දිනයේ කොමිසම රැස්වී ඊට අනුමැතිය ලබාදීම සිදුකළ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේය.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ත්‍රිකුණාමලය කොට්ඨාශයට මාරුකර යැවීමට නියමිතයි.

ඊට අදාල පොලිස් කොමිසමේ අනුමැතිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කෙරුණු ඇති.

මේ අතර අද (02)මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ආන්දෝලනයට ලක් වූ කුරුණෑගල රෝහලේ සාෆි සහාබ්දීන් වෛද්‍යවරයාට ඇප ලබාදීම සම්බන්ධයෙන් මූලික වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව නිසියාකාරව කටයුතු නොකල හේතුවෙන් බවයි.

එම වෛද්‍යවරයා නිදොස් කොට නිදහස් කිරීම සඳහා වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරයෙක් සහ පෞද්ගලික මාධ්‍ය ආයතනයක් එක්ව වැඩසටහනක් සකස් කිරීමට නියමිත බවට තොරතුරු හෙළිව ඇතැයි ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More