දේශීය පුවත්

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට අදාල ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධනය නොකර ජනාධිපති අපේක්ෂක නම් නොකර 5 වැනිදා සන්ධානය එළි දක්වනවා නම් ඒය වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සූදානමින් සිටින බව වාර්තා වේ.

නව සන්ධානයේ මහලේකම් ධූරයට ‌‌දොස්තර රාජිත සේනාරත්න මහතා නම් නොකොට ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බවත් ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කොට එම සන්ධානය සහ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන මහා සමුළුව ගාලුමුවදොර ක්‍රීඩාංගනයේ පවත්වන ලෙසට කරන ඉල්ලීම සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවයේ ප්‍රධාන කොන්දේසි වේ.

නමුත් මෙම කොන්දේසිවලට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය එකඟත්වය පළ කර නොමැත. ඒ අනුව 5 වැනිදා පැවැත්වීමට නියමිත සන්ධාන ගතවීමේ උත්සවය පෙර සූදානම් කරගත් ආකාරයට පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More