දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ ( පොහොට්ටුව ) අතර පවත්වන සාකච්ඡා මාලාවට ‘ උපජනාධිපති හා උපඅගමැති ‘ තනතුරු හරස් වී ඇති බවට අපහට වාර්ථා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ අතර පැවෙත්වන සාකච්ඡාවේදි ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නම් කෙරෙන පුද්ගලයා පිළිබඳ වූ තීරණය ඉතා තීරණාත්මක කරුණක් බවට පත්ව තිබේ.

මෙහිදී දෙපාර්ශවයට එක්වීමට නම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබියයුතු ස්ථාන පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක්කර ඇති අතර , එහිදී ජනාධිපති අපේක්ෂත්වය හෝ අගමැති අපේක්ෂත්වය ලබා දීමට පොදුජන එක්සත් පෙරමුණේ නියෝජිතයෝ කැමැත්තක් පළ කර නොමැති බවද වාර්ථා වේ.

එසේම ව්‍යවස්ථාව සංශෝධනයකට ලක්කර උපජනාධිපති ධූරයක් හඳුන්වා දිමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් යෝජනාවක් ගෙනවිත් ඇති අතර , ඒ සඳහා පොදුජන එක්සත් පෙරමුණේ යෝජනාව වි ඇත්තේ උපජනපති තනතුර වෙනුවට උපඅගමැති තනතුරක් ස්ථාපිත කිරීමට සලකා බැලිය හැකි බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති අතර , මෙම කරුණ පිළිබඳ දීර්ඝව කරුණු සලකා බැලීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇති බවද වැඩිදුරටත් වාර්ථා වේ.

මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදි අවසන එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇති බවද දෙපාර්ශවයේ නියෝජිතයෝ අපේක්ෂා කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More