දේශීය පුවත්

‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නමින් නව සන්ධානයක් බිහි කිරීම සඳහා අත්සන් කිරිමට නියමිත ගිවිසුමට හා 5 දා මෙම ගිවිසුම අත්සන් කිරීමටත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විරෝධය පළ වූ බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය..

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විරෝධය එල්ල වී තිබේ.

එසේම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. නව සන්ධානයේ මහ ලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයේ නොවන අයෙක්ට ලබාදීමට ගෙන තිබූ යෝජනාවටද විරෝධයක් එල්ල වූ බවද අජිත් පෙරේරා මහතා පැවැසීය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇතතේ තමන් මහ ලේකම් ධුරය භාර ගැනීමට සූදානම් බවයි. මෙහිදී මන්ත්‍රිවරු 25ක් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. එළැඹෙන 5 දා මෙම යෝජනාව අත්සන් කිරීමේ උත්සවයට විරෝධයක් පළකර තිබේ.

සන්ධානය හා අපෙක්ෂකයා එළි දැක්වීම ජයග්‍රාහී ලෙස කොළඹ ගෝල් ෆේස් පිටියේදි සිදුකළ යුතු බවට සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ යෝජිත සන්ධානය සම්බන්ධයෙන් වන ගිවිසුමේ ගැටලු ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More