දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්කකරගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ එම පක්ෂයට සහාය දෙන පක්ෂ එක්ව නිර්මාණය කිරීමට නියමිත ‘ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ සඳහා යෝජිත ව්‍යවස්ථාව මගින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට යෝජනා කර ඇති බව වාර්තාවේ.

එම ව්‍යවස්ථාවට අනුව නව සන්ධානය බිහිවීමෙන් පසුව , ජනාධිපති අපේකෂකයා තෝරාගැනීමේ, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට පවතින හිමිකම අහිමිකර ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.

ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජාතික පෙරමුණ යෝජිත ව්‍යාවස්ථාව තුළ නායකත්ව මණ්ඩලයක් යෝජනා කර ඇති අතර, ජනාධිපති අපේකෂකයා තීරණය කිරීමේ බලය මෙම නායකත්ව මණ්ඩලයට හිමිවන බව සඳහන් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට එක්වන පක්ෂවලින් එක් සාමාජිකයෙකු බැගින් ‍වන පරිදි නායකත්ව මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි බව දක්වා ඇති අතර, රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් එහි අනිවාර්ය සාමාජිකයන් බවටද යෝජනා කර තිබේ.

මෙම නායකත්ව මණ්ඩලය තුළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයාට තීරක බලය ඇති බව සඳහන් කර ඇති අතර, බොහෝදුරට මෙම නියෝජිතයා වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම වනු ඇති බවද පැවසෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ තුළ ඡන්දවලින් 80%ක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළද මෙම පෙරමුණේ නායකත්ව මණ්ඩලය තුළ එක්සත් ජාතික පක්ෂයට එක් නියෝජිතයෙකු පමණක් ඇතුළත්කර තිබීම හේතුවෙන් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ විරෝධය දැඩිව මතුව ඇති බවද වාර්තාවේ.

මෙම සන්ධානය සඳහා යෝජිත ව්‍යවස්ථාවෙන් එක්සත් ජාතිකපක්ෂය සම්බන්ධ තීරණ ගැනීම සම්පූර්ණයෙන් අවහිර කර ඇති අතර, ඇතැම්විට එකම නායකයෙකු දීර්ඝකාලයක් නායකයා ලෙස සිටිය හැකි ලෙස ව්‍යවස්ථාව සකසා ඇති බවද වාර්තාවේ.

මෙම පෙරමුණේ මහලේකම් ධුරයද එක්සත් ජාතික පක්ෂයට අහිමිවන ලෙස ව්‍යවස්ථාව සකසා ඇති අතර, ඒ සඳහා රාජිත සේනාරත්න මහතා පත් කිරීමේ සූදානමක් පවතින බවද පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.

යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සහ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (01දා) රැස්වීමට නියමිත අතර,කෘත්‍යාධිකාරී මණ්ඩලය අද දිනයේදී මේ හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයක් ගනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More