දේශීය පුවත්

කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නුදුරේදීම ඉඩම් හා මුදල් බලතල සහිත සම්පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී තිබේ

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවකදීය.

කල්මුණේ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිළිබඳ ගැටලුව සමථයකට පත් කිරීම සඳහා ප්‍රමාද වූයේ මුස්ලිම් මන්ත්‍රීවරු හා සාකච්ඡා කරමින් මෙම ගැටලුව විසඳීමට සිදුවූ නිසා බවත් ගණකාධිකාරිවරයකු සහිතව නුදුරේදීම කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වනු ඇති බවත් වික්‍රමසිංහ මහතා සම්බන්ධන් මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.

කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඩම් හා පොලිස් බලතල සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස උසස් කරන බවට ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයට වූ පොරොන්දුව හමුවේ එම සන්ධානය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දුන්නේය.

කෙසේ වෙතත් කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමා නිර්ණය කිරීමට පෙර එයට බලතල දීම සම්බන්ධයෙන් මුස්ලිම් මැති ඇමැතිවරු පිරිසක් සිය විරෝධය දක්වා සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More