කථානායක කරූ ජයසූරිය ඊයේ 31 උදෑසන 6.30 ට නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය වෙත ඡායාරූප ශිල්පීන් සමග පැමිණ ෆොටෝෂූට් වලට පෙනී සිටි බව වාර්තා වේ.
මෙහිදි කථානායකවරයා බණ්ඩාරනායක සමාධියට ගෞරව කරන ආකාරය ආකාරය ඡායාරූප ගත කර ඇත. ථානායකවරයාගේ විශේෂ ඡායාරූප ගතකිරීම් සඳහා ඊයේ අළුයම කාලයේ සිට බණ්ඩාරනායක සමාධියේ විදුලි ආලෝක පද්ධතිය සහ වතුර මල් ක්‍රියාත්මක කොට තිබූ බවද දැනගන්නට ලැබේ.
පාර්ලිමේන්තු මන්දිරය තුළ ද මෙවැනිම ඡායාරූප ගත කකිරීම් කතානායකවරයා විසින් කරන ලද බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. මේ දිනවල ජනාධිපතිවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් ජනතාව අතර කියවෙන නම් වලට කරු ජයසූරිය මහතාගේ නමද ඇතුළත් බැවින් ඡායාරූප ගතකිරීම් හා ජනාධිපතිවරණය අතර සම්බන්ධයක් තිබිය හැකි බවට ද මත පළ වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...