ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ක්ෂයට පක්ෂපාතී බවට හඳුනාගතහැති ෆේස් බුක් පිටු කිහිපයක් ඔස්සේ පසුගිය සඳුදා සිට එක්තරා සහතික පත්‍රයක් ප්‍රසිද්ධ කර තිබේ. එහි සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු රජය මගින් පුරවැසිභාවය ඉවත් කර දුන් බවට සහතිකයකි.
මෙම ලේඛනය තුළ ගෝඨාභය මහතාගේ නම පාස්පෝට් අංකය සහතික කළ අයගේ නම් හා තනතුරු ආදී වැදගත් දත්තද අඩංගුවේ. බැලුබැල්මට මෙය නිවැරදි සහතිකයක් බව පෙනී ගියත් මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී සංස්කරණය කර සැකසූ ව්‍යාජ ලේඛනයක් බවට හඳුනාගන්නට ලැබේ.
සත්‍ය ලෙසම මෙම සහතිකය මුදා හැරිය අය සිදු කර ඇත්තේ විකිපීඩියා වෙබ් අඩවියේ දක්වා ඇති සාම්පල ලේඛනයක කොටස් කිහිපයක් සංස්කරණය කිරීමකි. කෙසේ වෙතත් එම සංස්කරණයේදී ඇතැම් දින වැරදී යාම නිසා මෙම ලේඛනය කූඨ ලේඛනයක් බව වඩාත් පැහැදිලිවී ඇත.
මේ ගැන සත්‍ය තත්වය ඊයේ (31) දින ඩේලි මිරර් පුවත්පතේ ලිපියකින්ච අනාවරණය කර තිබේ. කූඨ ලේඛනයේ හැටියට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය 2003 මාර්තු 13 ලබා ඇතත් සත්‍ය ලෙසම ගෝඨාභය මහතා එම පුරවැසිභාවය ලබා ඇත්තේ 2003 ජනවාරි 31 බව පුවත්පත විසින් හෙළි කර තිබේ. එසේම ගෝඨාභය මහතාගේ පාස්පොට් එක ඇමරිකාව නිකුත් කර ඇත්තේ 2012 ඔක්තෝබර් වුණත් මෙහි දැක්වෙන්නේ 2012 ජුලි බවකි.
මේ ලේඛනයට අත්සන තබා ඇති ජොයෙල් ෆුල්ෆිල්ඩ් යන නම හා අත්සන විකිපීඩියා සාම්පල සහතිකයේ ඇති ආකාරයටම ව්‍යාජ ලේඛනයේ පිටපත් කර ඇත.
කෙසේ වෙතත් ඝෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය අපේ‍්‍රල් මාසයේදී සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බව දක්වමින් ‘දිවයින’ පවත්පතට ඊයේ ප‍්‍රකාශයක්ද කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...