දේශීය පුවත්

ඊයේ දින සාමය හා සහජීවනය සඳහා වූ ජාතික සමුළුව නමින් බස්නාහිර ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල් මහතාගේ නායකත්වයෙන් සහ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පැවැත් වූ සමුළුවට සහභාගි වූ ලෝක මුස්ලිම් ලීගයේ මහලේකම් ආචාර්ය ෂික් මොහොමඩ් බින් අබ්දුල් කරීම් අලීෂා මල්වතු මහනාහිමියන් බැහැදැකීමට ගියේය.

මෙහිදී මුස්ලිම් ජනතාව බෞද්ධ ජනතාවගේ සංස්කෘතික හැඩගැසීම් තේරුම් ගෙන ජීවත් විය යුතු බවට ඔහු විසින් ප්‍රකාශයක් කළ ද ඔහු මහනායක හිමියන්ට අතට අත දීමට ද උත්සාහ කළේය.

මහානායක හිමියන් එම අවස්ථාවේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට කියා සිටියේ මුස්ලිම් අන්තවාදය දිරිමත් නොකරන ලෙස තම ආගන්තුකයාට ප්‍රකාශ කරන ලෙසය. ත

මන් වහන්සේ ප්‍රකාශය තවදුරටත් අවධාරණය කිරීම් සඳහා උන් උන්වහන්සේ එහිදී උපහාසයක්ද කැටිකොට කියා සිටියේ ‘‘කටුවක් ඉවත් කළ යුත්තේ කටුවකින් බවය‘‘ එම අවස්ථාවට පෙර ෂික් මොහොමඩ් මහතා කියා සිටියේ සහරාන්ලාගේ‍ ප්‍රහාරයට මුස්ලිම් ආගමේ සම්බන්ධයක් නැති බවය. එහිදී මෙසේ නම් සහරාන් බෞද්ධ හෝ හින්දු ද යනුවෙන් කිසිවකු ප්‍රශ්න නොකළ බවද වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More