විදේශ පුවත්

මුස්ලිම් පිරිමින් විසින් තෙවරක් ‘තලාක්’ යැයි ප්‍රකාශ කිරීමෙන් සිය බිරිඳ දික්කසාද කිරීමේ ඉස්ලාමීය නීතිය දඬුවම් ලැබිය යුතු අපරාධයක් ලෙස ඉන්දීය පාර්ලිමේන්තුව නව නීති කෙටුම්පතක් සම්මත කර තිබේ.

වචනයෙන්, ඊමේල් පණිවුඩයක් මගින් හෝ කෙටි පණිවුඩයක් මගින් බිරිඳ වෙත තෙවරක් ‘තලාක්’ යැයි ප්‍රකාශ කිරීමෙන් සිය බිරිඳ දික්කසාද කිරීමට ඉස්ලාමීය නීතියෙන් මුස්ලිම් පිරිමින්ට අවස්ථාව හිමිව ඇත.

කෙසේ වෙතත්, මෙම සම්ප්‍රදාය ඉන්දීය ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නක් බව පවසමින් 2017 වසරේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙය දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස තීන්දු කළේය.

ඒ අනුව, ඉන්දීය පාර්ලිමේන්තුවේ අනුමැතියද මෙම නව නීති පනත් කෙටුම්පතට පසුගියදා ලැබී ඇති අතර, පාලක භාරතීය ජනතා පක්ෂය මීට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මෙය ඉන්දියාවේ මුස්ලිම් කාන්තාවන් ලැබූ ජයග්‍රහණයක් බව එරට මාධ්‍ය වාර්තා කරන අතර, ඇතැම් දෙනා මෙය තරමක් දැඩි තීන්දුවක් ලෙසද සඳහන් කර ඇත.

ඒ අනුව, මෙම නව නීතිය යටතේ මින් ඉදිරියට තෙවරක් ‘තලාක්’ යැයි පවසා බිරිඳ දික්කසාද කිරීමට යම් මුස්ලිම් ස්වාමි පුරුෂයෙකු කටයුතු කළහොත් ඔහුට වසර තුනක් දක්වා සිර දඬුවමකට යටත්වීමට සිදුවනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More