දේශීය පුවත්

වහාබ්වාදය නැමැති දෘෂ්ටිමය ත්‍රස්තවාදය මැඩලීමට කිසිදු පියවරක් නොගෙන, ඊට අනුබල දුන් බවට ඉතා බරපතළ චෝදනා එල්ල වූ මුස්ලිම් දේශපාලනඥයන්ට යළි ඇමති ධුර ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇතැයි ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

වහාබ්වාදය නැමැති දෘෂ්ටිමය ත්‍රස්තවාදයට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් බිහි කිරීමට විශාල හැකියාවක් ඇති බවත් එය ශ්‍රී ලංකාව තුළ බරපතළ ලෙස ව්‍යාප්ත වන විධික්‍රම රැසක් ඇති බවත් පසුගිය අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ රට හමුවේ අනාවරණය වූ බවත් මෙහිදී මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

වහාබ්වාදී ත්‍රස්තවාදය ව්‍යාප්ත වන කරුණු ඇතුළත් මුස්ලිම් පාසල්වල විෂය නිර්දේශයන් ඉවත් කිරීම, මද්‍රසා පාසල් හා ඒවායේ විෂය නිර්දේශයන් නියාමනය, ශ්‍රී ලංකාවට හොර රහසේ පැමිණ මද්‍රසා පාසල්වල උගන්වන විදේශීය පූජකයන් පිටුවහල් කිරීම ආදී කිසිදු පියවරක් මේ ආණ්ඩුව ගොවී ගිය මාස තුන තුළ නොගත් බවට ද ඒ මහතා චෝදනා කළේය.

මුස්ලිම් විවාහ නීතිය හා කාති උසාවිවල නඩු තීන්දු සම්බන්ධයෙන් වන ගැටළුකාරී තත්වයන් ද විමසා බලා නිසි පියවර ගැනීමට වත්මන් පාලකයන්ට කිසිදු උවමනාවක් නැති බවත් ඉහත නීතිමය වාතාවරණය ද වහාබ්වාදයෙහි මූලධර්මවලට රැකවරණය ලබා දෙන බවත් මුසම්මිල් මහතා සඳහන් කළේය.

මුස්ලිම් ජන සමාජය තුළ ඔඩුදුවා ඇති මේ දෘෂ්ටිවාදය ත්‍රස්තවාදය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත් මේ ආණ්ඩුව චෝදනාවන්ට ලක්වූවන්ට යළි ඇමති ධුර ලබාදීම නම් නිසි කලට සිදු කළ බවත් මෙය අගමැති රනිල් හා චෝදනාවන්ට ලක්වූ ඇමතිවරුන් එක්ව රඟ දැක්වූ නාටකයක් බවත් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

‘ගර්භාෂ යුද්ධයක’ නිරත වූ වෛද්‍ය සාෆි සහබ්දීන්ට ඇප ලැබී කුරුණැගල රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට චෝදනා එල්ල වී ඇති බවත් කටුවාපිටිය, කොච්චිකඬේ, මඩකලපුව දේවස්ථානවල සහ තරු හෝටල්වල මියගිය පිරිස් චූදිතයන් වී චෝදනා එල්ල වූ ඇමතිවරුන්ට යළි ඇමතිකම් ලැබී ඇති බවත් එළඹෙන මැතිවරණයේදී මේවාට ජනතාව නිසි පිළිතුරු සැපයිය යුතු බවත් මුසම්මිල් මහතා අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More