වෛද්‍ය සාෆි ශබ්දයෙන් මහතාට ඇප ලබා දීමට එරෙහිව කුරුණෑගල නගරයේ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ප්රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත ඇමැති ධුර වල දිවුරුම් දීම හා වෛද්‍ය ෂාෆි සහබ්දීන් ඇප මත නිදහස් කිරීමට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.
කුරුණෑගලදී ආරම්භ කර ඇති මෙම විරෝධතාවය සඳහා සහ ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටී.
භික්ෂූන් වහන්සේලා, වෛද්‍යවරුන්, වඳ සැත්කම් වලට ලක්වූ බව කියන මව්වරුන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක්ච සිටින අතර ප්‍රදේශයේ බොහෝ ස්ථානවල කළු කොඩි ඔසවා තිබෙන වාර්තා වේ.
රතන හිමියන් ඊයේ පස්වරුවේ මාධ්‍යයට කියා සිටියේ නැවත මුස්ලිම් මන්ත‍්‍රීන්ට ඇමති ධුර දීම නිසා තම සටන යළි අරඹන බවත් දින 7ක් ඇතුලත ආණ්ඩුව පෙරළා දැමීමට අවශ්‍ය කටයුතු කරන බවත්ය.
පාපතර ආත්ම ඝාතකයන්ට එරෙහි සටන නැවත කුරුණෑගලින්
Gepostet von Ven. Athuraliye Rathana Thera am Montag, 29. Juli 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...