දේශීය පුවත්

2020 වසරේදී රටේ නායකයා පත් කර ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු දේශපාලන පක්‍ෂ නායකන් පිරිසක් එක්ව පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය‘ නමින් දේශපාලන වැඩපිළිවෙළක් හඳුන්වාදීම කොළඹ නවනගර ශාලාවේදී ඊයේ (29දා) සවස සිදුකෙරුණි.

පවතින දේශපාලන අරාජිකත්වයට විසඳුමක් ලෙස දේශපාලන පක්‍ෂ සියල්ල එකතු කර, රට දියුණු කළ හැකි වැඩපිළිවෙළක් හඳුන්වාදීම සඳහා නව දේශපාලන සංවිධානය පිහිට වූ බව පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු රංජිත් පීරිස් මහතා පැවසීය.

මෙම වැඩපිළිවෙළ දින වීම සඳහා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ 17ක් හා සිවිල් සංවිධාන ගණනාවක් එක්ව සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, හිටපු අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්‍ෂ, අතාවුද සෙනෙවිරත්න, ජයතිස්ස රණවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More