දේශීය පුවත්

යළිත් අමාත්‍යධුරයේ දිවුරුම් දුන් රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. රිෂාඩ් බදුර්දින් මහතාට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබියදී ඒවා ගැන කිසිදු පරීක්ෂණයකින් තොරව මෙසේ යළි අමාත්‍යධූරයක් ඔහුට ලබා දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව මෙතරම් චෝදනා රැසක් එල්ල වී තිබියදී ඔහුගෙන් එකදු ප්‍රකාශයක් වත් ලබා නොගෙන ඔහු නිදොස් කොට නිදහස් හැරිය බව ප්‍රකාශ කරන්නේ කෙසේද කියා තමා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

අනෙකුත් ඇමතිවරු ගැන අපට ප්‍රශ්නයක් නෑ. ඒ අය ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වුණා. ඒ නිසා කැමති දවසක යළි ඇමති ධූර භාර ගන්නත් පුළුවන්. නමුත් රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාට එහෙම යළි දිවුරුම් දෙන්න බෑ. පාරලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රිවරුන් 22ක් ඉන්නවා. ඇමතිවරු 9ක් සිටියා. අපි චෝදනා ගෙනාවේ රිෂාඩ් ඇමතිවරයාට පමණයි. ඒ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිදුවීම් ගණනාවක ඔහුගේ නම කියැවුණු නිසා ඔහුගේ සම්බන්ධය ගැන සාධාරණ සැකයක් මතු වුණා. බෝම්බ ප්‍රහාරයට මාස තුනක් නිසා දැන් කට්ටියට චෝදනා මල්ල අමතකත් ඇතිනෙ. ඉන්න මම මතක් කරන්නම්.

01. ත්‍රස්තවාදි සැකකරුවන් නිදහස් කරන්න යැයි රිෂාඩ් ඇමතිවරයා තමන්ට බලපෑම් කළ බවට යුද හමුදාපති ප්‍රකාශ කිරීම
02. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වන ඉම්ෂාන් අහ්මඩ් ඊබ්‍රාහිම්ගේ තඹ ර්කමාන්ත ශාලාවට සම්මතයට පටහැනිව තඹ සැපයීම
03. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන ඊබ්‍රාහිම් යූසුෆ් ඇමතිවරයාගේ ප්‍රබල ආධාරකරුවෙකු වීම
04. තඹ කම්හලේ සේවකයින්ට ක්ෂණිකව ඇප ලැබීමෙන් යම් බලපෑමක් ඇති බව විද්‍යාමාන වීම
05. මන්ත්‍රිවරයා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ භාණ්ඩාගාරික එස් කේ පි අලහුඩීන්ගේ බෑනා සහ දියණිය බෝම්බකරුවන් වීම
06. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු වන ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදි සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම
07. ඇමතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි මවුලවිවරයෙකු අත්අඩංගුවට ගැනීම
08. ඇමතිවරයාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුඩීන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් නොකර නිදහස් කිරීම
09. ත්‍රස්තවාදි සැකකරුවන් ඇමතිවරයාගේ සොහොයුරියගේ නිවසේ නැවති සිටීම
මෙතන කියවෙන්නේ නෑ රිෂාඩ් බදුයුඩීන් මන්ත්‍රිවරයා ත්‍රස්තවාදියෙක් කියලා. නමුත් මේ ආකාරයට පාස්කු ප්‍රහාරය සමග කොතැනත් කියැවුණු නම රිෂාඩ්. එතැනත් රිෂාඩ්. මෙතැනත් රිෂාඩ්. කොතැනත් රිෂාඩ්. එවිට සාධාරණ සැකයක් ඇතිවෙනවා.

මේ තිත් එකතු කළාම ත්‍රස්තවාදියෙකු මැවෙනවා ද කියන එක දැන ගන්න පුළුවන් පොලිස් විර්මශනයකින් පමණයි. එක පැත්තකින් තේරීම් කාරක සභාව කියලා ලොන්ඩ්‍රියක් දැම්මා රිෂාඩ් හෝදලා පිරිසිදු කරල ගන්න. අනික් පැත්තෙන් දැම්මා පොලිස් කමිටුවක්. එයට තියෙන පැමිණිලි ඉදිරිපත් කරන්න කිව්වා. අපි තොගපිටින් ඉදිරිපත් කළා. පැමිණිලි ඉදිරිපත් කරලා එන ගමන් අපි කිව්වා මේ කමිටුව බොරුවක්. නමුත් අපි මේ පැමිණිලි ඉදිරිපත් කරන්නේ අපි නගපු චෝදනා බොරු යැයි ජනතාව සිතන්නට ඉඩ තියෙන නිසා කියලා.

නමුත් ඔබ දැක්කද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලීසියට යනවා. කවදාවත් ගියේ නෑ. ඔහු ගියා ඔහුට අසාධාරණයක් වුණා කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. කළුවර අඳුන ගාගෙන ඇඳුම් සියල්ල ගලවා නොපෙනී පොලීසියට ගියා දැයි අප දන්නේ නැහැ. නමුත් අප දැක්කේ නෑ මේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න ඔහු පොලිසියට කැදවනවා.

ඒ නිසා රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා පිළිබඳ සාධාරණ පරීක්ෂණයකින් තොරව ඔහුට අමාත්‍යධූරයක් ලබාදීමට අප විරුද්ධයි. ඔහුට නැවත විශ්වාසභංගයක් ගෙන ඒමට අපි අනිවාර්යෙන් කටයුතු කරනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More