පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ යළි නව අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දී ඇත.
ඒ අනුව නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස රවුෆ් හකීම් මහතා දිවුරුම් දුන් අතර රිෂාඩ් බද්දියුදීන් මහතා දිවුරුම් දුන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.
අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්ඩීන් මහතා කෘෂිකර්ම, වාරිමාර්ග, සහ ග්‍රාමිය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර වරාය හා නාවුක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස අබ්දුල්ලා මහරූෆ් මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දී ඇත.
මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුනතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
නමුත් පසුගිය දා ඇමතිධුරවලින් ඉල්ලා අස් වූ අලි සාහිර් මවුලානා, එච් එම් හාරිස් සහ ෆයිසාල් කාසීම් යන මහත්වරුන් අමාත්‍යධුර භාර ගෙන නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...