දේශීය පුවත්

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (29) පස්වරුවේ අදාළ මන්ත්‍රිවරුන් යළි අමාත්‍ය ධූරවල දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම් ෆවුසි තහවුරු කරයි.

ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග මෙම මුස්ලිම් මන්තී‍්‍රවරුන් සාකච්ඡාවකද නිරත වුණි.

මේ අතර මෙම මුස්ලිම් නියෝජිතයින් අද (29) පෙරවරුවේ අමාත්‍ය වජිර අබේවර්ධන හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. කල්මුණේහි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නිර්ණය කර ඇති ආකාරය සම්බන්ධයෙන් මුස්ලිම් මහජන නියෝජිතයින් ඉකුත් දා ප‍්‍රශ්නයක් මතු කළා.

මෙම මුස්ලිම් නියෝජිතයින් සහ අමාත්‍ය වජිර අබේවර්ධන අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී ඊට අදාළව එකඟතාවක් ඇතිවී තිබෙන බවද දේශපාලන ආරංචි වැඩිදුරටත් සදහන් කරයි. තනතුරු අත්හල මුස්ලිම් අමාත්‍යවරුන්ගේ යළි දිවුරුම් දීම ඒ අනුව සිදුවනු ඇතැයි ද වාර්තා පළ වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More