දේශීය පුවත්

රජයේ විගණකාධිපතිවරයා ඊයේ හදිසියේම ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කරනු ලැබූ ප‍්‍රකාශය මේ රටේ රාජ්‍ය සේවය හා දේශපාලනය කොතරම් පහතට වැටී ඇත්ද යන්නට කදිම නිදසුනකි. තම රෝගීන් පිළිබද තොරතුරු ප‍්‍රසිද්ධ නොකිරීම වෛද්‍යවරුන්ගේ ආචාර ධර්මයක් වන්නා සේම වෘත්තීමය විගණකවරුන් තම සේවාදායකයාගේ තොරතුරු ප‍්‍රසිද්ධ නොකරයි.රජයේ විගණකාධිපතිවරයාගේ සේවාදායකයා ආණ්ඩුවයි.ආණ්ඩුවේ ගිණුම් කටයුතු ගැන ප‍්‍රශ්න ඇතිනම් එ්වා ගැන කරුණු දක්වන්නට සුදුසු තැන් විගණකාධිපතිවරයාට තිබේ. ඔහු වගකිව යුත්තේ පාර්ලිමේන්තුවට පමණකි. එසේම විගණකාධිපතිවරයා රජයේ සේවකයෙකි. රජයේ සේවකයන්ට රජය හෝ ආණ්ඩුව විවේචනය කළ නොහැක. නමුත් ඊයේ විගණකාධිපතිවරයා එම වරදද සිදු කළේය.

නමුත් මේ සියල්ලට වඩා වැදගත් වන්නේ ඔහු මෙම ප‍්‍රකාශය කරනු ලැබුවේ කුමන අරමුණක් උදෙසා, කවුරුන් වෙනුවෙන්ද යන්නය. ඔහුගේ මෙම ප‍්‍රකාශය පැහැදිළිවම දේශපාලන අරමුණක් වෙනුවෙන්, දේශපාලකයින්ගේ අවශ්‍යතාව මත සිදු කරන ලද්දක් බව ඉතා හො`දින් පැහැදිලිය. මේ රට ඩොලර් ටි‍්‍රලියන 10ක් ණය ගෙන ඇති බවත් ඒවායින් ගිණුම්ගත වී ඇත්තේ එක් ටි‍්‍රලියනයක් පමණක් බවත් පසුගිය දිනක ජනාධිපතිවරයාද ”අති විශේෂ හෙළිදරව්වක්” කළේය.

රටේ ණය සහ රාජ්‍ය ණය යනු එකක් නොව දෙකකි. රාජ්‍ය ණය යනු රටේ අයවැය හි`ගය පියවා ගැනීම ස`දහා ආණ්ඩුව විසින් ගනු ලබන ණය වන අතර ඒවා බැර වන්නේ ආණ්ඩුවේ ඒකාබද්ධ අරමුදලටය. එකී ණය ගෙවිය යුත්තේද ඒකාබද්ධ අරමුදලිනි. රාජ්‍ය ආයත විසින්ද විවිධ අවශ්‍යතා ස`දහා ණය ගැනීම සිදු කරයි. එම ණය එ්කාබද්ධ අරමුදලට බැර නොවන අතර ගෙවීමේ වගකීම ඇත්තේද අදාල ආයතනයටය.රමේ ණය යනු මෙම රාජ්‍ය ණය හා රාජ්‍ය ආයතන විසින් ගනු ලබන ණය යන දෙවර්ගයේම එකතුවය. වරලත් ගණකාධිවරයෙකු වන රජයේ විගණකාධිපතිවරයා මේ බව නොදන්නා බබෙකු විය නොහැක.

රාජ්‍ය මූල්‍ය කළමණානරනයේ ප‍්‍රශ්නයක් ඇත්නම් විගණකාධිපතිවරයා එය වා්රතා කළ යුත්තේ පාර්ලිමේන්තුටය. සෘජුව ජනතාවට ඒ ගැන කියා සිටීමට ඔහුට අයිතියක් නැත. එසේ තිබියදී ප‍්‍රවෘත්ති සාකච්ඡුා පවත්වා මාධ්‍ය සංදර්ශන පැවැත් වීමෙන් ඔහු අපේක්ෂා කරන්නේ කුමක්ද? ජනතාවට මේ ගැන කළ හැක්කේ කුමක්ද? අදාල වැරුද්දට වගකිව යුතු දේශපාලකයාට හෝ පක්ෂයට ඡුන්දය නොදී සිටීමය. ඡුන්ද විමසීමක් ආසන්නයේ ඊයේ ඔහු තම ප‍්‍රකාශයෙන් සිදු කළේ එවැනි ඇගවීමකි.

මේ අනුව ඔහු ඊයේ කළ ප‍්‍රකාශය පැහැදිළිවම බංකොළොත් දේශපාලනයක් කෙලින් කිරීම ස`දහා ගසනු ලැබූ මුක්කුවකි. එවැනි ප‍්‍රකාශ කිරීම රජයේ විගණකාධිපතිවරයාට නොගැලපෙන ඉතාම පහත් දීන ක‍්‍රියාවකි. මින් පෙර කිසි දවසක රජයේ විගණකාධිපතිවරයෙකු මේ තරම් පහත් තත්වයකට, දේශපාලන අත කොලූවක් බවට පත්ව නැත.

මේ අන්දමට රජයේ විගණකාධිපතිවරයා පවා තම දේශපාලන වාසි ස`දහා භාවිත කිරීම තරම් ජනාධිපතිවරයා පිරිහී ඇත්නම් අනෙකුත් රාජ්‍ය සේවකයන් කුමන අන්දමට තම වාසි ස`දහා යෙදවා ගනු ඇත්ද? ශක්තිමත්, ස්වාධීන රාජ්‍ය සේවයක් සහතික කරන්නේ මෙසේද? මේ රටේ යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සංවිධාන, ඊනියා බුද්ධිමතුන්, දේශපාලන සංවිධාන මේ ගැන කියන්නේ කුමක්ද?

”නිදහස්, සාධාරණ, අපක්ෂපාතී, මැතිවරණ පැවැත්වීමට උපන්නෙමි” යනුවෙන් වහසිබස් දොඩවන මැතිවරණ කොමිසමේ සභාපති වරයා මේ ගැන කියන්නේ කුමක්ද? නිදහස් මැතිවරණයක් පැවත්වන්නට යැයි ඕනෑම පිළිකන්නක වුවද රිංගන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අඩුම වශෙයෙන් විගණකාධිපතිවරයාගේ ප‍්‍රකාශය නොකළ යුත්තක් බවට හෝ ප‍්‍රකාශයන් කරන්නට සූදානම්ද? රජයේ විගණකාධිපතිවරයා ඊයේ සිදුකල ප‍්‍රකාශය විගණකධිපතිවරයා ලෙසත්, වෘත්තීය විගණකවරයෙකු ලෙසත් සදාචාර විරෝධී, අයුතු ප‍්‍රකාශයකි එවැනි සදාචාර විරෝධී වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කළ දේශපාලන ගැත්තේකු තව දුරටත් රජයේ විගණකාධිපති වැනි උත්තරීතර තතනතුරක් හෙබවීමට කිසිසේත්ම සුදුසු නොවේ. ඒ නිසා වහාම තමන් සිදු කළ වරද පිළිබද ජනතාවගෙන් සමාව ගෙන තනතුරෙන් ඉවත්ව යන ලෙස අපි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට බල කර කරමු. එසේ නොවන්නේ නම් ඔහුව තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය සුදුසු පියවර ගත යුතු බව අප අදාල වගකිව යුත්තන්ට අවධාරණය කර සිටිමු.

කුලශී‍්‍ර කාරියවසම්
කැදවුම්කරු
2018-02-08



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More