හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනවියට විදේශ කටයුතු අමාත්‍යංශය මඟින් අනුමත කරන ලද තානාපති සේවා පත්වීම මුදල් අමාත්‍යංශය මඟින් නතර කොට තිබේ.
අත්තනායක මෙනවිය තානාපති සේවාවේ සාමාජිකාවක් නොවීම සහ ඇයට තානාපති සේවාවේ හෝ ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ ක්ෂේත්‍ර වල අත්දැකීම් නොමැති වීම මුදල් අමාත්‍යංශය මඟින් ඇගේ තනතුර අහෝසි කිරීමට හේතු වූ කරුණු අතර වේ.
දුල්මිණි අත්තනායක මෙනවිය තානාපති සේවය සඳහා නිර්දේශ කොට තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසිනි. ඇයව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස පත් කිරීමට නම් කර තිබිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දිගු කාලීන දේශපාලන සගයෙකු වූ තිස්ස අත්තනායක මහතා පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර හා එක් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...