සහරාන් වගේ තවත් ත්‍රස්තවාදියෙක් බිහි වී ඇති බව නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ(28) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“සහරාන් වගේ තවත් ත්‍රස්තවාදීන් මේ වෙනකොට ලංකාවේ බිහි වෙලා ඉන්නවා. මේ රිෂාම් මහරුෆ් කියන පුද්ගලයා සූදානම් වෙලා තියෙනවා ප්‍රහාරයක් දියත් කරන්න. තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. ඒකෙ කියනවා ඔහු පහර දෙන්න සූදානම් වෙන විදිය. අපි කියනවා ආරක්ෂක අංශ වලට වහාම මොහුව අත්අඩංගුවට ගන්න, මොහු ඉන්න තැන දන්නේ නැත්තම් කියන්න අපි පෙන්වන්නම් තැන. ජනාධිපතිතුමනි තවත් ජීවිත සංඛ්‍යාව නැති වෙන්න තියෙන අවස්ථාවක් විය හැකියි. ඒක නිසා වහාම මේ තව්හිද් ජමාත් සංවිධානය තහනම් කරන්න. මේ අබ්දුල් රාසික් කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න.”
මේ අතර තමන්වහන්සේ ඇතුළු පිරිසකට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදාහැරි රිෂාම් මහරුෆ්, ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සූදානම්යැයි පැවසූ බව පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පවසයි.
උන්වහන්සේ ඊයේ (28) මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
එම විඩීයෝවේ පෙනී සිටින රිෂාම් මහරුෆ් නැමැත්තා විසින් පවසා සිටින්නේ අන්තවාදී ප්‍රකාශ සිදු කිරීම නැවැත්වීමට ජඹුරේවෙල චන්දරතන හිමි සහ අන්තවාදී සංවිධානවල සියලු පුද්ගලයන්ට ජාතිවාදය ඇවිස්සීම නතර කරන ලෙසත් ඒ සඳහා මාසයක කාලයක් ලබා දෙන බවත්ය.
එසේ නොකළහොත් තමන් ළංවන විටත් සිත තුළ බියක් ඇති කරන ආකාරයේ යමක් කුමන මාර්ගයකින් හෝ සිදු කිරීමට තමන් යොමුවන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...