දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ දරු උපත්වලදී මව්වරුන් මියයාම ඉහළයමින් තිබෙන අතර, සජීවී දරු උපත් 100,000කට මව්වරු 40ක් මිය යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසයි.

ඉකුත් 2017 වසරේදී ශ්‍රී ලංකාවේ මව්වරුන් 326,000ක් සජීවී දරුවන් බිහි කළ අතර, ඉන් 15%ක ප්‍රමාණයක් වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන් බවද කපිල ජයරත්න පවසා තිබේ. ශ්‍රී ලංකාවේ වසරකට 360,000ක් පමණ කාන්තාවන් ගර්භණීභාවයට පත් වන බවත් මින් තුනෙන් එකක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳගැනීම් බව පැවසේ.

මෙවැනි සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම්වලට හා ගැටලුවලට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ විධිමත් පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නොකිරීම සහ පවුල් සැලසුම් සම්බන්ධයෙන් වන දුර් මතයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ එක්සත් ජාතීන්ගේ ජනගමන අරමුදල ඒකාබද්ධව ඉකුත් දා කොළඹදී පැවැති වැඩසටහනකදී මේ තොරතුරු අනාවරණය කර තිබේ.
පවුල් සැලසුම වටා නිර්මාණය වී තිබෙන මිත්‍යා සහ දුර්මත දුරලීම සඳහා එම සංවාද වැඩසටහන පැවැත්විණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More