දේශීය පුවත්

පසුගියදා එල්ලවූ කාස්කු ඉරිදා ප්‍රහාරයට උලමා සංවිධානය වගකිවයුතු බවත් අන්තවාදී දේශපාලන නායකයන් බිහිකිරීමට සෘජුවම වගකිවයුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දැමීම වෙනුවෙන් බිහි කළ වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය ඊයේ (28)  කුරුණෑගල නගර ශාලාවේ දී පැවැත්වූ සමුළුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටියේය.

අන්තවාදීන් බිහිකිරීමට අනුබලදුන් බවට චෝදනා එල්ලවූ ඇමතිවරු සහ ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වන ලෙස කළ බලපෑම වහුවේ සියලුම මන්ත්‍රීවරු ඉල්ලා අස්වීම තුළින්  මව්බිම තුළ අන්තවාදය  ඇතිකිරීමේ හා පෝෂණය කිරීමේ  සාමූහික වගකීම සියළු දෙනා බාරගත් බවද අභයතිස්ස හිමියෝ අවධාරණය කර සිටියහ.

ඉදිරි මැතිවරණවලදී මුස්ලිම් අන්තවාදී තක්කඩි නායකයන්ගේ පහස ලබන, ඔවුන් සමග එකට හිටගනිනා නායකයන් තෝරා පත්කර නොගැනීමට සමස්ථ ශ්‍රීලාංකික ජනතාවට පරම අයිතියක් සහ වගකීමක් තිබෙන බවද උන්වහන්සේ පවසා සිටියහ.

වහබ් අන්තවාදයට එරෙහි දෙවන රැලිය කුරුණෑගලදී දෙරණ ප්‍රවෘත්ති විකාශය 2019.07.28

වහබ් අන්තවාදයට එරෙහි දෙවන රැලිය කුරුණෑගලදීදෙරණ ප්‍රවෘත්ති විකාශය2019.07.28

Gepostet von People's movement against fundamentalism am Sonntag, 28. Juli 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More