දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණය කිරීමට පළමුව එම පක්ෂය සමගින් එක්ව සිටින සුළු පක්ෂවල මතය විමසීමට අග්‍රාමාත්‍යවරයා විසින් තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සුළු පක්ෂ දරන ස්ථාවර සහ ඔවුන්ගේ යෝජනාවන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අගෝස්තු 5 වැනි දා දිනයේම මෙම සාකච්ඡාව කැඳවා ඇතැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහ්රූෆ් මහතා පැවසීය.

මේ අනුව සමස්ත ලංකා මහජන කොංග්‍රසය වන තම පක්ෂයේත් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ප්‍රගතශීලී සන්ධානය සහ ජාතික හෙළ උරුමය යන පක්ෂවල නායකයින් හා නියෝජිතයින් මෙම සාකච්ඡාවට කැඳවා ඇතැයි ද මන්ත්‍රීවරයා පවසා තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තෝරාපත්කර ගන්නා ජනාධිපති අපේක්ෂකයා හට සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහාය ලබාදෙන බවත් සියළු පක්ෂවල එකඟත්වය හා කැමැත්ත මත ජනාධිපති අපේක්ෂකයකු තෝරාපත් කරගත යුතුව ඇති බවත් කීය.

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ගැන කතිකාවක් නිර්මාණය වී ඇති නමුත් එම පෙරමුණේ සාමාජිකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඒ පිළිබඳ කිසිදු තීරණයක් මේ වනතෙක් ගෙන නොමැති බවත් මහ්රූෆ් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Info sri lanka news



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More