දේශීය පුවත්

එක්සත් ශ්‍රී ලංකාවක බලයට හවුල් වීමට දෙමළ ජනතාවට ඉඩ සැලසෙන ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු නොකිරීමෙන් සිංහල නායකයන් රට බෙදා වෙන්කිරීමේ අවදානමට හෙලන බවට දෙමළ ජාතික සන්ධානය අනතුරු අගවයි.

බලය බෙදා ගන්නා ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ජනතාවට අභ්‍යන්තර ස්වයං තීරණ අයිතිය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් බරපතල වරදක් කරන බව දෙමළ ජාතික සන්ධාන (TNA) නායකයා පාර්ලිමේන්තුව හමුවේ දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේය.

“අභ්‍යන්තර ස්වයං තීරණ අයිතිය දෙමළ ජනතාවට ලබා දීම ඔබ විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවොත්, දෙමළ ජනතාවට දෙවැනි පෙළ පුරවැසියන් ලෙසින් සලකනු ලැබුවොත්, සුවිශේෂ සංස්කෘතියක් හා භාෂා අනන්‍යතාවක් සහිත අපේම වූ සම්ප්‍රදායක්ද, අපේම වූ ශිෂ්ඨාචාරයක් ද තිබෙන සුවිශේෂ ජනතාවක් වන අපට බාහිර ස්වයං තීරණය ලබාගැනීමේ අයිතිය හිමිවනු ඇත්තේ ඔබේ වරදිනි,” යි ආර් සම්බන්ධන් කියා සිටියේ අලුතින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම සඳහා පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවට යෝජනාවක් ඉදිරිපත් කරමිනි.

දිවයින පුරා යමින් ජනතා අදහස් විමසීමෙන් ආරම්භ කළ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය බලය විමධ්‍යගත කිරීමට යොදා ගනු වෙනුවට උතුරු නැගෙනහිර දෙමළ භූමිය සිංහලකරණය ප්‍රතිපත්තියක් රහසිගතව ක්‍රියාත්මක කරගෙන යන බවට දෙමළ සන්ධාන නායකයා බිය පල කළේය.

පාර්ලිමේන්තු ඡන්ද වලින් 1994 සිට පස් වතාවක් ප්‍රතික්ෂේප කරනු ලැබූ 1978 ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතා දෙවැනි පෙළ පුරවැසියන් ලෙස අවමානයට පත් කරමින් දිගටම රටේ පාලනය පවත්වාගෙන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අනාගතයේ නීති විරෝධී රාජ්‍යයක් වනු ඇතැයි ආර් සම්බන්ධන් අනතුරු ඇඟවීය.

සිංහල පාලකයන් බලය බෙදන ව්‍යවස්ථාවක් සම්පාදනය නොකර සිටියොත්, “දෙමළ ජනතාව තව දුරටත් එය වැඩි කාලයක් නිහඬව ඉවසා සිටිනු ඇතැයි මා සිතන්නේ නැත,” යි දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More