ජනාධිපතිවරණය පිළිබඳ කතා නොකරන ලෙසත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡා කඩිනමින් අවසන් කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරට දැනුම්දී ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.
මෙම මධ්‍යම කාරක සභාවේදී ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සුදුසු බව වූ යෝජනාවක්ද සම්මත කරගෙන ඇත.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම මධ්‍යම කාරක සභාවට සහභාගි නොවූ අතර මෙතෙක් මධ්‍යම කාරක සභාවට සහභාගි නොවූ එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල සහ දුමින්ද දිසානායක සහභාගි වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡාවල වත්මන් ප්‍රගතිය පිළිබඳ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස විසින් මධ්‍යම කාරක සභාවට කරුණු ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය සහ ශාඛා සමිති ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...