ඉදිරි මාස කිහිපය තුළ රටට ගැලපෙන නීතිගරුක නායකයෙක් බලයට පත්වෙන බව ජාතික භික්ෂු එකමුතුව පවසයි.
මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පූජ්‍ය ලියන්වෙල ශාසනරතන හිමියන් ඒ බව සඳහන් කළේය.
මේ රටේ ජනතාවට වගකීමට හා ජාතික ආරක්ෂාව ක්‍රියාත්මක කිරීමට නායකයෙක් නැති බවත් ත්‍රස්තවාදය රට තුළ දිගින් දිගටම ක්‍රියාත්මක වීමේ ස්වභාවයක් පවතින බවත් ෂාෆි සහාබ්දීන් වෛද්‍යවරයාට ඇප දීම තුළ පෙනී යන බව උන්වහන්සේ පවසයි.
එනිසා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට හෘද සාක්ෂියට එකඟව රට පාලනය කරන ලෙසත් එසේ නොමැතිනම් ඉතාමත් ඉක්මනින් රට පිරිහීමේ තත්ත්වයට පත්වන බවත් උන්වහන්සේ කියා සිටියි.
අනිවාර්යයෙන්ම ඉදිරි මාස කිහිපය තුළ පුණ්‍ය භූමියක් වු මේ රටට ගැළපෙන, එක් නීතියක් ක්‍රියාත්මක කරන බිහිවන බව පූජ්‍ය ලියන්වෙල ශාසනරතන හිමියන් වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...