ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයා හා අනෙකුත් විනිසුරුවරුන් හමුවූයේදැයි යන්න හෝ තමා හමු වී සාකච්ඡා කළ පාර්ශව පිළිබඳව තමන් කරුණු හෙළි නොකරන බව “සාමකාමී රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්ලෙමෝන් වූල්” මහතා පවසයි.
මෙරට අධිකරණ ක්ෂේත්‍රෙය් නම් කළ නියෝජිතයන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීම සඳහා ඔහු හට අවස්ථාව සලසා දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු යැවූ ලිපියක් හේතුවෙන් ක්ලෙමෝන් වූල් මහතාගේ සංචාරය පසුගියදා රටේ ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය කළේය.
සාමකාමී රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්ලෙමෝන් වූල් මහතා සංචාරයක් සඳහා පසුගිය 18 වනදා මෙරටට පැමිණියේය.
දින 08 ක් පුරා මෙරට රැඳී සිටි ඒ මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා, නීතිපතිවරයා,උතුරු සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ,ආරක්ෂක සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතවරුන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අතුරුදන්වූවන්ගේ කාර්යාලය, ජාතික පොලිස් කොමිසම සහ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හමුවී ඇත.
කෙසේවෙතත් එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් චූලි හට අධිකරණ අමාත්‍යවරිය, අගවිනිසුරු සහ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් හමුවිමට පහසුකම් සැලසීම සඳහා කටයුතු කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා වෙත යවන ලද බව කියන ලිපියක් හේතුවෙන් පසුගිය දා දැඩි ආන්දෝලනයක්ද හටගත්තේය.
ඊයේ කොළඹ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සිය හමුවීම් සහ සාකච්ඡා පීළිබඳව මෙලෙස අදහස් පළ කළා.
“ප්‍රශ්නය – අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කියනවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් මෙතුමාට අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් මුණ ගැහෙන්න. එහෙම හම්බ වුණාද?
මම දන්නේ නෑ මොකද්ද මේ ඉල්ලීම කියලා.
සෑම අවස්ථාවකදීම මම රටකට සංචාරය කළ අවස්ථාවලදී අධිකරණ පද්ධතියට සම්බන්ධ අය වගේම සෑම ආයතනයකම නියෝජිතයින් මුණ ගැහෙනවා.
ඔවුන් හමුවීමට මම ඉල්ලා සිටින්නේ මේ ආකාරයටයි.
රජය විසින් මොන වගේ ඉල්ලීමක් අධිකරණ පද්ධතියට කළාද කියලා මම දන්නේ නෑ.
ඒක රජය සහ අධිකරණ පද්ධතිය අතර සිදුවන කතාබහක්.
මම සෑම ආයතනයකම නියෝජිතයන් මුණ ගැහුණා.
මම කියනවා ඔබට ඒ කවුරුන්දැයි තහවුරු කර ගන්න කියලා.
මම සහ රාජ්‍ය නොවන සංවිධාන සහ ආයතන අතර ඇති වූ සාකච්ඡා රහසිගතයි. මම සාකච්ඡා කළ කිසිවක් කිසිම අවස්ථාවකදී හෙළි කරන්නේ නෑ.
ඒ වගේම මොනවද සාකච්ඡා වුණේ කියලත් හෙළි කරන්නේ නැහැ. හේතුව එය රහසිගතයි.
මම නැවත කියනවා මෙම ක්‍රියාවලිය ලංකාවට පමණක් නියම වූ දෙයක් නෙවෙයි.”
අද දෙරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...