මැලේසියා හා ඩුබායි අයි.එස්. සංවිධානයේ ප්‍රබලයන් දෙදෙනකුට කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු වීමට ආගමන විගමන නිලධාරීන් උදව් ලබාදී ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.
මීට සති දෙකකට පෙර ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ දින හතරක් හෝටල්වල රැඳී සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අන්තර් ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) මගින් රතු නිවේදන නිකුත් කර තිබියදී ඔවුන් දෙදෙනා ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්‍ෂාවෙන් මිදී රට තුළට ඇතුළු වූවේ කෙසේද යන්න ගැටලු සහගත බව ආරක්ෂක ප්‍රධානියෝ විමසති. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට මහා විනාශයක් සිදුවී තිබියදී එම අයි.එස්. සැකකරුවන් දෙදෙනාම රටට ඇතුළු වීමට ඉඩ ලබාදීමෙන් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවට එම උසස් ආරක්ෂක අංශ නිලධාරියා සඳහන් කළේය.
සැකකරුවන් මැලේසියා හා ඩුබායි ජාතිකයන් වන අතර ඔවුන් සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවටද ලබාදී තිබියදී මෙසේ ඇතුළු වී ඇත. මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සභාපති පාලක (නීති) බී.ජී.ජී. මිලින්දගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ එවැනි දෙදෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බවයි.
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...