දේශීය පුවත්

සිංහල මව්වරුන් කූඨ ලෙස ව්‍යන්ධීකරණයට ලක් කළ බවට චෝදනාවට ලක්ව සිටින සාෆි සහබ්දීන් වෛද්‍යවරයාට උසාවියෙන් ඇප ලැබී ඇතත් මේ වන තුරු ඔහු නිර්දෝෂි බවට තීන්දු වී නැත. රහස් පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ යම් දේශපාලකයින්ගේ බලපෑම් මත අදාළ වෛද්‍යවරයා චෝදනා වලින් ගලවා ගැනීම සඳහා කටයුතු කරන බව ද සමාජයෙන් චෝදනා එල්ල වේ.

දේශපාලන නායකයින්, වෛද්‍ය සභාව, වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ ආයතන, සමාජ සෞඛ්‍ය හා වෛද්‍ය පරිපාලකයන්ගේ ආයතන ආදී ප්‍රශ්නයට අදාළ බැඳීම් සහිත ආයතන සහ පුද්ගලයින් වින්දිතයන් බවට පත්වූවන් පිළිබඳ වචනයක් හෝ කණගාටුවක් ප්‍රකාශ කොට නැත.

එසේම තම මැතිවරණ දිස්ත්‍රික්කයේ වෙසෙන මව්වරුන් පිළිබඳ වචනයක් හෝ කථා නොකළ විපක්ෂ නායකවරයා චූදිත වෛද්‍යවරයාගේ බිරිඳ මුණ ගැසීම ඇති බව සමාජජාලා වල දැඩි ලෙස කතාබහට ලක්වේ. එම තොරතුර සත්‍යනම් එය කොතෙක් දුරට දේශපාලන වශයෙන් ප්‍රඥාගෝචරද යන ප්‍රශ්නය දස දෙසින් lanka lead වෙත එල්ල වේ.

ඒ නිසා අපි ඒ ගැන සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතාගෙන් විමසුවෙමු.

මේ ඔහුගේ පිළිතුරයි. ”මේක අපභ්‍රංශ රටක්. විපක්ෂ නායකවරයාගේ ක්‍රියාව අහපුවාම අපට කොසොල් රජු දුටු සිහින පේන්න පටන් ගනීවි.චෝදනාවට ලක් වූ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න නොකරන වෛද්‍ය සභාව මව්වරුන් වෙනුවට පෙනී සිටි මහාචාර්ය චන්න ජයසුමන ගෙන් ප්‍රශ්න කරවා. මෙහෙම රටක් කොහෙද තියෙන්නේ”



One thought on “විපක්ෂයේ වැඩ නිසා දැන් අපි රෑට දකින්නේ කොසොල් රජු දුටු සිහින – සහිත්‍යසූරී ගුණදාස අමරසේකර”

  1. විපක්ෂ නායක තුමා සාෆි බිරිද හමුවන්න ගියා නම් ඒ මොකටද කියලා ඔහු වහාම හෙළිකරන්න ඕනෑ. ඒ එක්කම චන්දයක් ලං වෙලා පැතිරෙන කටකතා ගැනත් අපි ටිකක් හොද සිහියෙන් ඉන්න ඕනෑ. මතකයිනේ පහුගිය වතාව?

    කොහොම නමුත් සාෆිට වඩා ප්‍රශ්න දැන් ලංකාවට තියෙනවා.

    සාෆිට සහ මේ වැඩේ කළා කියන අතලොස්සක් අනික් මුස්ලිම් “වයිද්‍යවරුන්ට” වද කල හැකි වුයේ රටේ ජනගහනයට සාපේක්ෂව, සීමිත මවුවරුන් ගණනක් පමණයි. සාෆි ගැන හෙළිවුන නිසා ඔහුට තවත් ඒ සෙල්ලම් කරන්න බැහැ. මින් පස්සේ අනික් මුස්ලිම් වයිද්‍යවරුන් ගැනත් මවුවරුන් පරීක්ෂාවෙන් ඉදීවි. නීතියෙන් සාධාරණය ඉෂ්ට නොවුවත් මේ “වයිද්‍යවරුන්ට” ස්වභාව ධර්මයේ (කර්මය කිවුවත් කමක් නෑ ) දඩුවම් වලින් බේරෙන්න බැහැ. සමහර විට ඔවුනට මේ ආත්මයේදීම දඩුවම් පලදීම අපට දැක ගන්නත් පුළුවන් වේවි.

    ඒත් අපේ මුළු රටම ක්‍රම ක්‍රමයෙන් ලෙඩ කරලා මරණ උපක්‍රමයක් කොයි තරම් කල් ක්‍රියාත්මක වුනාද? ඒ ක්‍රමය තවමත් හොදින් ගෙන යනවා විතරක් නොවෙයි දැන් ඒ හා සම්බන්ද තවත් දේ එකතු වෙලා.
    මේ කියන්න යන්නේ බැර ලෝහ කලවම් කල “පෝර” මගින් අපේ ආහාර විස ද්‍රව්‍ය බවට පත් කිරීම සහ අලුත්ම “ප්‍රති අපනයන කුණු” මගින් අපේ පරිසරය විනාශ කිරීම් ගැනයි.

    බටහිර විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස් කියලා තියෙන්නේ “Let food be thy medicine and medicine be thy food” කියලයි. අපේම දේශීය ආයුර්වේදය අනුවත් මේ කියමන සත්‍යයි. නමුත් අපේ ආහාර දැන් අපිට ආහාර නෙවෙයි, බෝ නොවෙන ලෙඩ ඇති කරවන “හලාහල විස”. ඒ මදිවාට දැන් මේ පිට රටවලින් ගෙන්වන “කුණු විස” අපේ වතුරට, වාතයට මුදා හැර මුළු පරිසරයම විනාස කිරීමේ වෑයමක් තියෙන බව පේනවා.

    ඉස්පිරිතාල අපද්‍රව්‍යද (medical waste) විකිරණශීලී අපද්‍රව්‍යද (radioactive waste) ?

    මේ “ඉස්පිරිතාල අපද්‍රව්‍ය” වලට ඉස්සර කිවුවේ විකිරණශීලී අපද්‍රව්‍ය (radioactive waste) කියලයි. ඔස්ට්‍රේලියාව වගේ රටවල මිනිස්සු මේවා තමන්ගේ ප්‍රාන්තය අසලකට ගේනවට විරුද්දයි. ඒ නිසා මිනිස්සු මුලා කරන්න මේවාට දැන් කියන්නේ medical waste (ඉස්පිරිතාල අපද්‍රව්‍ය) කියලයි.

    මේ ගෙන්වන කුණු වල තියෙන්නේ මෙට්ට පමණයි කීම විස්වාස කරන්න පුලුවන්ද? නිකම්ම නිකම් අහක දාන මෙට්ට විතරක් නම් ඒවා සුසාන භූමියක ආදාහනාගාරයක පුච්චන්න බ්‍රිතාන්‍යට, ප්‍රන්සයට බැරිද? ඒවා වෙන රටවලට යවන්න මෙච්චර සල්ලි දෙන්නේ මොකටද?

    “ඉස්පිරිතාල අපද්‍රව්‍ය” කියන නිසා මිනිස්සුන්ගේ එතරම් බයක් මේ ගැන නැතුව ඇති. ඒකයි British Council එක ලග විරෝධතාවයට ඒ තරම් අය නොහිටියේ.
    පත්තර වලිනුත් මේ ගැන ඒ තරම්ම අවධානය යොමු නොකළ බවයි අපේ හැගීම.

    මේ “ඉස්පිරිතාල අපද්‍රව්‍ය” හෙවත් විකිරණශීලී අපද්‍රව්‍ය පොළව තුල වල දෑමේදී විශාල ගණකමකින් යුක්ත සිමෙන්ති ළිදක් වගේ එකකට දාල සීල් කරන බව කියනවා. ඒත් මේ අපද්‍රව්‍ය කොයි තරම් කාලයක් භූගත ජලයට නිරාවරණය නොවී තියේද කියන්න බෑ.

    සමහරවිට ජර්මනිය වගේ රටවල් මේ විකිරණශීලී අපද්‍රව්‍ය ටික ටික අපේ රටවලට එවන “පෝර” වලට කලවම් කරනවාත් වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඇති ඔය “පෝර” වල ඉතා භයානක ආසනික්, කැඩ්මියම් වගේ බැර ලෝහ අන්තර්ගත වෙන්නේ.
    මතකයිනේ දැන් අවුරුදු ගානකට කලින් (මතක විදියට 2015-16 වගේ?) අපට කිවුවා දැන් එන්නේ “හොද පෝර” කියලා. ඒකෙන් තේරෙන්නේ මේ “පෝර” “හොද” හෝ “නොහොද” වෙන්නේ ඉබේම නිෂ්පාදන process එකේදී නෙවෙන බවයි. එහෙනම් ඒවා ඕනකමින්ම එකතු කරන දේවල්.

    අවුරුදු සිය ගානකට කලින් කැනඩාවේ, ඇමෙරිකාවේ මුල් වැසියන් (Native Americans ) සමුළ ඝාතනය කිරීමටත් ඉස්පිරිතාල වල ළාදුරු රෝගීන් පාවිච්චි කල පලස් (blankets) පාවිච්චි කළා. ඒ පලස් මේ මුල් වැසියන්ට යවලා තියෙන්නේ සීත ඉර්තුවෙදී පෙරවගන්න “තෑගී” විදියට!
    දැන් බටහිර රටවල අලුත්ම “ගේම” තමන්ගේ විෂ අපද්‍රව්‍ය තුන්වන ලෝකයේ රටවලට “පෝර” , “ප්‍රති අපනයන ද්‍රව්‍ය ” වගේ එක එක ක්‍රම වලින් “තෑගී” කිරීමයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More