දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන එකතුව පිහිටු වීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා තේරීම එම පෙරමුණේ විධායක සභාව මගින් සිදුකිරීමට තීරණය වී ඇත. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් එල්ල වූ යම් යම් විරෝධතා මත එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මෙම තීරණයට එළැඹ ඇතැයිද වාර්තා වෙයි.

අගෝස්තු මස 5 වන දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ නව සන්ධානය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ සඳහා දේශපාලන පක්ෂ දහයක් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ඒකාබද්ධ වීමට නියමිතව ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ නම්කිරීමට යෝජනා වී තිබේ. මෙම සන්ධානයේ මහලේකම් ධුරයට අමාත්‍ය රාජිත සේනාරත්න සහ රවී කරුණානායක යන අයගේ නම් යෝජනා කර ඇත. ජාතික සංවිධායක ධුරයට අමාත්‍යවරුන් වන රවී කරුණානායක, චම්පික රණවක, සරත් ෆොන්සේකා යන අයගේ නම් යෝජනා වී තිබේ. සභාපති, උප සභාපති, උප ලේකම් ධුර සඳහා එක්සත් ජාතික පක්‍ෂයට බාහිර අනෙකුත් දේශපාලන පක්‍ෂ නායකයන්ට පිරිනැමීමට යයි.

මෙම සන්ධානය නායකත්ව මණ්ඩලයකින් පාලනය වන අතර සියලු සම්බන්ධීකරණ කටයුතු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රවි කරුණානායක යන මහත්වරුන්ට පවරා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More