දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම තහවුරු කරමින් අමෙරිකානු රජය නිකුත් කළ සියලු නිල ලියැවිලි ලබන 11දාට පෙර ප්‍රසිද්ධියට පත් කිරීමට තීන්දු කර ඇත.

ඒ අනුව අගෝස්තු මස දෙවැනි සතියේදී මෙකී සියලු ලිපි ලේඛන ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කෙරේ. ගෝඨාභය ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම පිළිබඳව ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරක් ලෙස මෙම ලේඛන ප්‍රසිද්ධියට පත් කෙරෙන බව විපක්ෂනායක කාර්යාලය පවසයි.

සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලද රාජපක්ෂ මහතා ඉදිරි දෙසතිය කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගි නොවී විවේකයෙන් ගත කිරීමට තීන්දු කර ඇත්තේ වෛද්‍ය උපදෙස් අනුවය. අගෝස්තු මස 11දා නිල වශයෙන් ඒකාබද්ධ විපක්ෂය සහ පොහොට්ටුව නියෝජනය කරන අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමෙන් පසු ඉදිරි මාස කිහිපය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More